චිලී හිටපු ජනපති ගුවන් අනතුරින් මරුට


චිලි රාජ්‍යයේ හිටපු ජනාපධිති සෙබෙස්තියන් පිනේරා, හෙලිකෝප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්විය. කෝටිපති ව්‍යාපාරිකයකු ද වන පිනේරා දෙවරක් චිලී රාජ්‍යයේ ජනාධිපති ධුරය හොබවා තිබේ.

74 හැවිරිදි පිනේරා, රැගත් හෙලිකොප්ටර් යානය, චිලී රාජ්‍යයේ ලාගෝ රැන්කෝ නගරයට නුදුරින් කඩා වැටුණු බව පැවැසෙයි. අනතුරට හේතුව මෙතෙක් තහවුරු වී නැත.

(ඒ.එෆ්.පී.)