චීන අවන්හලක සිදුවුණු පිපිරීමකින් එක් අයකු ජීවිතක්ෂයට පත් වුණු බවත්, විසි දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පිපිරීම සිදුවුණු අවන්හල පිහිටා ඇත්තේ, හෙබෙයි පළාතේ, සැන්හේ නගරයේ අවන්හලකය. එම අවන්හල අවට නිවාස සංකීර්ණයක් පිහිටි අතර, පිපිරුමෙන් අවන්හලට පමණක් නොව, එම නිවාසවලට ද හානි සිදුවිය.
පිපිරීම සිදුවූයේ ගෑස් කාන්දුවක් නිසා යැයි සැක කෙරේ. පිපිරුමත් සමඟ හටගත් ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.