ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ආසන්නයේ දැවැන්ත කඳු මුඳුන් සහිත ප්‍රදේශයකින් පුරාවිද්‍යාඥයින් මතු කර ගත් මෙස් අයිනාක් බෞද්ධ නගරය විනාශ වී යාමේ අවදානමකට මුහුණ පා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මෙස් අයිනාක් බෞද්ධ නගරය වසර 1000-2000 අතර ඉතිහාසයකට උරුමකම් කියන බව පැවසෙයි.එය වරක් තඹ නිස්සාරණය සහ වෙළඳාම වටා සංවිධානය වූ විශාල නගරයක් විය.කාබුල් නගරය ආසන්නයේ පිහිටි ලොව විශාලතම තඹ නිධියක තඹ නිස්සාරණය කිරීමට කැනීම් කටයුතු ආරම්භ කිරීමට චීන සමාගම් සමුහයක් සූදානම් වීම හේතුවෙන් මෙම අවදානම් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මෙස් අයිනාක් නගරයෙන් පුරාවිද්‍යාඥයින් ආරාම, ස්ථූප, බලකොටු, පරිපාලන ගොඩනැගිලිවල නටඹුන් මතු කර ගෙන ඇති අතර ප්‍රතිමා, කාසි සහ මැටි බඳුන් විශාල ප්‍රමාණයක්ද සොයා ගෙන ඇත. මෙම නටඹුන් හෙක්ටයාර 1000ක ප්‍රමාණක් දක්වා දිව යන බව පැවැසෙයි.
චීන කැනීම් ක්ෂේත්‍රයේ දැවැන්තයෙක්ගේ නායකත්වයෙන් යුත් එකමුතුව මෙම තඹ නිධියේ කැනීම් කටයුතු කරන බව පැවැසෙයි.මෙම සමාගම 2007 වසරේදී වසර 30 ක කාලයක් තඹ නිධියේ කැනීම් කටයුතු සිදු කිරීමට ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක මුදලක් ගෙවා අයිතිය ලබා ගෙන ඇතැයි පැවැසෙයි .
ගිවිසුම් ගත වී වසර 15 ක කාලයක් ගත වුවද, චීනය සහ කාබුල් බලධාරීන් අතර ගිවිසුමේ මූල්‍ය කොන්දේසි පිළිබඳ එකඟත්වයක් ඇති නොවීම හේතුවෙන් තවමත් කැනීම් කටයුතු ආරම්භ වී නොමැති වුවත් නැවත කැණීම් කටයුතු ආරම්භ කිරීම සඳහා දෙපාර්ශ්වයම එකඟතාවයකට පැමිණීමට සුදානමින් සිටින බව විදේශ මාධ්‍ය වාර්තා කළේය.
මෙස් අයිනාක් නගරය ලෝකයේ ඇති ලස්සනම පුරාවිද්‍යා ස්ථාන වලින් එකක් බව පුරාවිද්‍යාඥ බැස්ටියන් මහතා පවසයි.මෙවැනි පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක් ආරක්ෂා කර ගත යුතු බව පුරාවිද්‍යාඥයෝ පවසති.
(රොයිටර්)