චීන ජනගහනයෙන් සියයට 80 කට කොරෝනා


චීන ජනගහනයෙන් සියයට 80 කට මේවනවිට 'කොවිඩ් 19' ආසාදනය වී ඇතැයි පැවැසෙයි. මේ බව අනාවරණය කර ඇත්තේ චීන රජයය. ඒ, සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ දෛනික කොරෝනා දත්ත පාදක කර ගනිමිනි.

චීන වැසියන් කොරෝනා වසංගතය මධ්‍යයේ වුවත්, ඔවුන්ගේ චන්ද්‍ර නව වසරට සූදානම් වන බව ද වාර්තා වේ. මේ වනවිට රෝහල් 'කොවිඩ් 19' ආසාදිතයන්ගෙන් පිරී ගොස් ඇති බවත්, ආදාහනාගාරවල මළ සිරුරු ගොඩ ගැසෙමින් පවතින බවත් චීන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

පසුගිය ජනවාරි 12 වැනිදා සිට මේ දක්වා 'කොවිඩ් 19' මරණ 60,000 කට වඩා වාර්තා වෙයි. චීනයේ කොරෝනා වසංගතය ඉහවහා ගියේ එරට සෞඛ්‍ය අංශ සහ රජය එක් වී පැනැවූ සීමා ජනතා විරෝධයට හේතු වීමත් එම සීමා ලිහිල් කිරීමට රජය ඉන්පසු පියවර ගැනීමත් නිසාය.

(එන්.ඩී.ටීවී.)