චීන ජනපති සෞදියේ සංචාරයකට යනවා



චීන ජනාධිපති ෂී ජින්පින් සෞදි අරාබියේ සංචාරයකට සූදානම් වෙයි. චීන ජනාධිපතිවරයා සෞදි සංචාරයකට පැමිණෙන්නේ සෞදියත් ඇමෙරිකාවත් අතර අර්බුදකාරී තත්ත්වයක් පවතින අවස්ථාවක බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
චීන ජනාධිපතිවරයා මහත් හරසරින් පිළිගැනීමට තමන් බලාපොරොත්තුවෙන් සිටින බව සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු මාධ්‍ය හමුවේ පවසා ඇත. සෞදි අග්‍රාමාත්‍ය ධුරය හොබවන්නේ ද මොහොමද් බින් සල්මාන් කුමරුන්ය.
යුක්රේන රුසියන් අර්බුයේදී රුසියාව හුදෙකලා කිරීමට සහාය දක්වන්නැයි ඇමෙරිකාවෙන් සෞදියට බලපෑම් එල්ල වෙයි. සෞදිය යනු ඇමෙරිකාවේ සමීපත මැදපෙරදිග මිතුරාය. කෙසේ නමුත් ඇමෙරිකාවේ බලකිරීමට තම බලශක්ති ප්‍රතිපත්ති වෙනස් කළ නොහැනකි බව සෞදිය පවසා ඇත. සෞදියත් ඇමෙරිකාවත් අතර අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වූයේ ඒ අනුවය.
චීන ජනාධිපති ෂී ජින්පින් හෙට (6) සෞදියේ රියාද් නුවර බලා පැමිණේනේ චීන නියෝජිත කණ්ඩායමක් ද පිරිවරා ගනිමිනි. චීන ජනාධිපතිවරයාගේ සෞදි සම්ප්‍රාප්තියත් සමඟ චීන අරාබි සමුළුව පැවැත්වීමට සෞදි සල්මාන් කුමරු කටයුතු සූදානම් කර ඇත. සමුළුව පැවැත්වෙන්නේ සෙසු මැදපෙරදිග අරාබි රටවල් සහ උතුරු අප්‍රිකානු කලාපීය රටවල් හවුල් කර ගනිමිනි.
(ඒ.එෆ්.පී.)