චීන ජනපති හමුවන්න ජනපති බයිඩන් සූදානම්


මෙම වසර අවසන් වීමට පෙර තමන් චීන ජනාධිපති ෂී ජින් පිං හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

ඇමෙරිකාව සහ චීනය අතර පවතින එදිරිවාදිකම් අවසන් කිරීම මෙම හමුවේ අරමුණ යැයි ද බයිඩන් පැහැදිලි කර තිබේ. ඇමෙරිකාව සහ චීනය අතර අංශ කීපයකින් අර්බුද පවතී. චීනය රුසියාව සමඟ පවතින හිතවත්කම් සහ චීනය තායිවානයට එරෙහිව යෑම ද ඇමෙරිකාවේ අප්‍රසාදයට හේතු වූ කරුණ කාරණාය.

ලබන නොවැම්බරයේ, ‘ආසියා පැසිෆික් සහයෝගීතා සමුළුව’ ඇමෙරිකාවේ පැවැත්වෙයි. චීන ජනාධිපති ෂී ජින්පින්ට ඒ සඳහා ඇරැයුම් කෙරනු ඇත. බයිඩන්ට, චීන ජනාධිපති ජින්පින් හමුවීමට අවස්ථාව උදා වනු ඇත්තේ මෙම සමුළුව අතරතුරේය.