චීන ජනාධිපති කොරියාවේ


චීන ජනාධිපති ෂී ජින්පින්, දකුණු කොරියාවේ නිල සංචාරයකට පැමිණියේය. ඒ කොරියානු අර්ධ ද්වීපයේ සාමය සහ ආරක්ෂාව වෙනුවෙන් පැවැත්වෙන විශේෂ සමුළුවට සහභාගී වීම සඳහාය.

සමුළුව පැවැත්වෙන්නේ දකුණු කොරියාව, චීනය සහ ජපානය අතරේය. කොරියානු අර්ධ ද්වීපයේ ආරක්ෂාවට විශාලතම තර්ජනය වී උතුරු කොරියාවය. චීනය සහ උතුරු කොරියාව අතරේ යහපත් සබඳතා පවතී.

චීන ජනාධිපති ජින්බින් දකුණු කොරියාවට පැමිණියේ 2014 වසරෙන් පසුවය. දකුණු කොරියානු අග්‍රාමාත්‍ය ඩෑන් ඩක් සෝ පැවැසුවේ, කලාපීය ආරක්ෂාව සහ සාමය තහවුරු කර ගැනීමට චීන ජනාධිපතිවරයා විශාල උනන්දුවක් දක්වන බවය.

(බීබීසී)