චීන නගරයක විදුලිය කැපෙයි


ගිණිකොනදිග චීනයේ සිචුවාන් පළාතේ චෙංග්ඩු නගරය විදුලි අර්බුදයකට මුහුණ පා ඇති අතර, ඊට පිළියමක් ලෙස විදුලි පරිභෝජනය අඩු කිරීමට නගර බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ.

විදුලි අර්බුදයකට චෙංග්ඩු නගරය මුහුණ දෙන්නේ වියලි කාලගුණය හේතුවෙන් ජල විදුලිය නිපදවීමට ගැටලු මතුවී ඇති බැවිනි. චීනය මේ වනවිට දැඩි උණුසුම් කාලගුණයකින් බැටකයි.

විදුලි කප්පාදුව හේතුවෙන්, වෙළෙඳසැල් පවත්වාගෙන යන කාල සීමාව අඩු කිරීමටත්, අනවශ්‍ය විදුලි පහන්, නාම පුවරු ආදිය නිමා දමන බවත් පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)