චීනයේ ප්‍රාථමික ශ්‍රේණිවල පාසල් දරු දැරියන්ට ලබා දෙන 'ගෙදර වැඩ' අඩු කිරීමට චීන රජය නව නීති සම්මත කර තිබේ. චීන රජය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමක් සිදු කර ඇති අතර, මෙය එහි තවත් පියවරක් බව පැවැසෙයි.
මීට පෙර පසුගිය අගෝස්තුවේ චීන රජය තීරණය කළේ එරට අවුරුදු 5 ත් 7 ත් වයස් කාණ්ඩයේ දරුවන් සඳහා ලිඛිත විභාග පැවැත්වීම නොකළ යුතු බවය. ඒ කුඩා දරුවන්ගේ මනසට පීඩනයක් එල්ල වන වීම වළක්වනි.
පාසලෙන් පසු නිවසේදී කිරීමට ලබාදෙන පාඩම් ක්‍රියාකාරකම් අඩු කිරීම සඳහා චීන රජය නව නීති සම්මත කර ඇත්තේ ද කුඩා දරුවන් අධික ලෙස වෙහෙසට පත් කිරීම අනවශ්‍ය බව පෙන්වා දෙමිනි.
දරුවන්ට විවේක ගැනීම සහ ව්‍යායාම කිරීම සඳහා සාධාරණ කාලයක් ලබාදෙන ලෙසත් අන්තර්ජාලයේ වැඩි කාලයක් ගත කිරීමට ඉඩ නොදෙන ලෙසත් චීන අධයාපන බලධාරීන් දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් ද කර ඇත. මීට අමතරව, අන්තර් ජාල වීඩියෝ ක්‍රිඩා වල නිරත විය හැකි කාලය පැයකට සීමා කිරීමටද එරට බලධාරීන් කටයුතු කර තිබේ.
(ඒ.එෆ්.පී.)