චීන බැලූනයක් තායිවානයට ඇවිල්ලා


උතුරු තායිවානයට ඉහළින් අහසේ චීනයේ ඔත්තු නිරීක්ෂණ බැලූනයක් දකින්න ලැබුණු බව තායිවාන ආරක්ෂක අංශ පවසයි. ඔත්තු බැලීමට යොදා ගන්නා චීන යානයක් විදෙස් ගුවන් කලාපයට මෙසේ දකින්න ලැබුණේ මාස හයකට පමණ පසුවය.

මීට පෙර, ඇමෙරිකාවේ, කැනඩාවේ සහ බටහිර රටවලට ඉහළින් අහසේ මෙසේ චීන බැලූන් දකින්න ලැබුණි. 

චීනය ඔත්තු බැලීම් සඳහා බැලූන යොදා ගන්නේ, ඒවාට රේඩාර් මඟ හැර සැඟවී යා හැකි බැවිනි. කෙසේ නමුත් තමන් බැලූන යොදා ගනිමින් ඔත්තු බලන බවට චීනය කිසිදු අවස්ථාවක පවසා නැත.

තායිවානය යනු චීනය අසල පිහිටි දූපත් රාජ්‍යයකි. වෙනම රාජ්‍යයක් වුවත්, චීනය සලකන්නේ තායිවානය තමන්ට අයත් කොටසක් ලෙසය. තම ගුවන් සීමාව උල්ලංඝනය කරමින් චීනය ඔත්තු බලන බවට තායිවානය නිරන්තරයෙන් චෝදනා නගා ඇත.

(ඒ.එෆ්.පී.)