චීන බැලූනයක් දැක්කොත් කෙළින්ම වෙඩි තියනවා


චීන ඔත්තු බැලීමේ බැලූනයක්, බ්‍රිතාන්‍ය ගුවන් සීමාවට ඇතුළු වුවහොත්, දෙවරක් නොසිතා පහර දී එය විනාශ කිරීමට තමන් සූදානම් යැයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසා ඇත.

‘බ්‍රිතාන්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් සහ බ්‍රිතාන්‍ය වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මා වගකියන්න ඕනෑ. එහෙයින්, චීන බැලූනයක් ආවොත් එය පහර දී බිම හෙලන්න මා හමුදාවට උපදෙස් දී තිබෙනවා” යැයි අග්‍රාමාත්‍ය රිෂී සුනාක් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.

චීනය බැලූන යොදා ගනිමින් ඇමෙරිකාවට හිතවත් මිත්‍ර රටවල් සම්බන්ධයෙන් ඔත්තු බැලීම් කරනවා යැයි ඇමෙරිකන් බුද්ධි අංශ අනාවරණය කර තිබේ.

මේ වනවිට ඇමෙරිකාව එරට ගුවන් සීමාවට ඇතුළු වුණු සහ ඇලෙස්කාවට ඉහළින් පාවෙමින් තිබුණු බැලූන දෙකක් පහර දී විනාශ කර තිබේ.

(රොයිටර්)