එම අති පැහැදිලි ඡායාරූප, මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කිරීමට ද චීන අභ්‍යවකාශ ආයතනය මේ වනවිට පියවර ගෙන ඇත.
චීනය ‘ෂුරොංග්’ යන නමින් නම් කළ මෙම රොබෝ රෝවර් යානය අඟහරු මතට පතිත කළේ පසුගිය 15 වැනිදාය. චීනය අඟහරුට රොබෝ යානාවක් යැවුවේත්, එය අඟහරු මතුපිටට පතිත කළේත් පළමු වතාවටය.
මීට පෙර මේ අයුරින් රොබෝ රෝවර් යානා ඇත්තේ ඇමෙරිකාවේ නාසා ආයතනය පමණි. රෝවර් යානා යනු රෝදවලින් සමන්විත ගවේෂණ යානාවලටය. ‘ෂුරොංග්’රෝවරයට රෝද 6 ක් ඇති අතර, එය අඟහරු මතුපිට ඔබමොබ යමින් ඡායාරූප ගැනීම, පස් සාම්පල රැස් කිරීම ආදිය සිදු කරයි.
(ෂින්හුවා)