චීන රොකට් කැබැල්ලක් කඩා වැටෙන්නයි යන්නේ


පෘථිවි කක්ෂයට යැවුණු චීන රොකට්ටුවක කොටසක්, ආපසු පෘථිවියට කඩා වැටීමට නියමිත බව ඇමෙරිකාවේ නාසා ආයතනය කියයි.

මෙසේ පෘථිවියට කඩා වැටීමට නියමිතව ඇත්තේ චීනයේ 'ලෝන්ග් මාර්ච් 5 බී' රොකට්ටුවට අයත් ටොන් 18 ක් බර විශාල කොටසකි.

හෙට හෝ අනිද්දා දිනයේ මෙම රොකට් කැබැල්ල පෘථිවියට වැටෙනු ඇති බවත්, ඒ ගැන විමසිල්ලෙන් පසුවන බවත් නාසා ආයතනය පැහැදිලි කර තිබේ.

(බීබීසී)