චීනයේ බෙයිජිං නගරයේ පුද්ගලික රෝහලක ඇති වූ ගින්නකින් 29 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
රෝහලේ සිදු කරන අලුත්වැඩියා කටයුතු වලදී යොදා ගත් ගිනි ඇවිළෙන සුළු තීන්ත හේතුවෙන් ගින්න හටගන්නට ඇතැයි මූලික විමර්ශන කටයුතු වලදී අනාවරණය වූ බව චීන බලධාරීන් පෙන්වා දී තිබේ.
ගින්න එරට වේලාවෙන් දහවල් 1 ට පමණ හටගෙන ඇත. ගින්න ඇති වූ අවස්ථාවේ මහල් හතකින් යුත් එම ගොඩ නැගිල්ලෙන් පුද්ගලයන් ඉවත් කර ඇති අතර 39 දෙනකු පිළිස්සුම් තුවාල හේතුවෙන් ප්‍රතිකාර ලබා ගන්නා බවත් ඉන් තුන් දෙනකුගේ තත්ත්වය බරපතල බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ගින්න සම්බන්ධයෙන් පුද්ගලයන් 12 දෙනකු රඳවා තබා ගෙන ප්‍රශ්න කරන බව චීන බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
(රොයිටර්)