චීනයේ සිට පැමිණෙන සංචාරකයන් සියලු දෙනා ‘කොවිඞ් 19’ පරීක්ෂණවලට යොමුවී, ආසදිතයන් නොවන බව තහවුරු කළ යුතු යැයි ඇමෙරිකන් සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව, චීනයේ සිට පැමිණෙන අවුරුදු දෙකට වැඩි, සියලු දෙනා දින දෙකක් ඇතුළත ලබා ගත් ‘කොවිඞ් 19’ ආසාදිතයකු නොවන බව පෙන්වන වෛද්‍ය වාර්තා ඉදිරිපත් කිරීම අනිවාර්ය වෙයි.
දින 10 කට පෙර ආසාදිතයකු වී සිටියේ නම්, සුවය ලබමින් සිටිනවා යැයි වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් ඇමෙරිකාවට ඇතුළු විය හැකි බව ද සෞඛ්‍ය අංශ පැහැදිලි කර තිබේ.
ආසාදිතයන් නොවන බව තහවුරු කර ගනිමින්, ඇමෙරිකාවට ඇතුළු වෙද්දී ආසාදිතයන් වුවහොත්, නියමිත දින ගණන නිරෝධායනයට යොමු කරන බව ද ඇමෙරිකන් සෞඛ්‍ය අංශ වැඩි දුරටත් පවසා ඇත.
චීනයෙන් පැමිණෙන සංචාරකයන්ට පමණ නොව, ඉතාලියෙන්, ඉන්දියාවෙන්, තායිවානයෙන් සහ ජපානයෙන් පැමිණෙන සංචාරකන්ට ද තහංචි පැනැවීමට ඇමෙරිකන් සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ.
(රොයිටර්)