රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, චීනය මැදිහත් වී සකස් කළ සාම සැලැස්මට ඇමෙරිකාවෙන් විරෝධයක් එල්ල වෙයි.
බයිඩන් පරිපාලනය පෙන්වා දී ඇත්තේ චීනය එම සාම සැලැස්ම සකස් කර ඇත්තේ රුසියාවට, වාසි වන ආකාරයට බවය.
සාම සැලැස්ම ආරම්භ වීමට නියමිතව ඇත්තේ සටන් විරාමයකිනි. බයිඩන් පරිපාලනය පවසන්නේ, එම සටන් විරාමය අතරතුරේ රුසියාය යුක්රේනයේ තවත් පළාත් අත්පත් කරගනු ඇතැයි කියාය.
ධවල මන්දිර ආරක්ෂක කවුන්සිල ප්‍රකාශක ජෝන් කර්බි ද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා ඇත්තේ චීනය රුසියාවට පක්ෂපාතී ආකාරයට එම සාම සැලැස්ම සකසා ඇති බවය.
යුක්රේනය ද මෙම නව සාම සැලැස්ම සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්නේ නැති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මේ වනවිටත් රුසියන් යුක්රේන යුද්ධයේ දී සිදුවුණු යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර්ජාතික අපරාධ අධිකරණය, රුසියන් ජනාධිපති පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇත.
(රොයිටර්)