චීනය, පළමු වරට සිවිල් ගගනගාමියකු පෘථිවි කක්ෂයේ ඉදිකෙරෙන ‘ටියැංගොන්’ අභ්‍යවකාශ නැවැතුම්පොළට යැවීමට සූදානම් වෙයි.
ගුයි හයිචාඕ නමැති මෙම සිවිල් ගගනගාමියා වයඹ දිග චීනයේ ‘ජිකුවාන’ අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශය බලා යෑමට සූදානමින් සිටී.
ගුයි හයිචාඕ ඉන්ජිනේරුවෙකි. මේ වනතුරු චීනය අභ්‍යවකාශයට යැවීම කළේ චීන අභ්‍යවකාශ ආයතනය හා සම්බන්ධ එරට හමුදාවේ පුහුණුව ලැබූ ගගනගාමීන් පමණි.
ගුයි හයිචාඕ සමඟ තවත් ගගනගාමීහු දෙදෙනෙක් මෙම ගමනට එක්වෙති. එම ගගන මෙහෙයුමේ නායකයා ලෙස කටයුතු කරන්නේ ජිංග් හැපියැංග් ය. තෙවැනි ගගනගාමියා ද ඉන්ජිනේරුවෙකි. ඔහු සියා හැංග්සූය.
(රොයිටර්)