චීනය එන්නත් බිලියනයක් දීලා


චීනය එරට ජනතාවට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා බිලියනයක් ලබාදී ඇතැයි පැවැසෙයි.

චීනය ඔවුන්ගේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළේ සෙසු රටවල් පසුපසිනි.

කෙසේ නමුත්, එය ඉතා වේගයෙන් සිදු කිරීමට චීන රජය සහ සෞඛ්‍ය අංශ මේ වනවිට සමත් වී සිටින බව ද පැවැසෙයි.

චීනය සිය වැසියන්ට ලබා දෙන්නේ එරට නිෂ්පාදනය කළ එන්නත්ය. 'සයිනෝෆාම්' සහ 'සිනොවැක්' චීනය විසින් නිපදවනු ලැබ ඇති සාර්ථක ප්‍රතිශක්තිකරණ එන්නත් වර්ග දෙක යැයි පැවැසෙයි.

(අල් ජසීරා)