චීනය නේපාල ඉඩම් අල්ලාගෙන


චීනය නේපාලයේ ඉඩම් හෙක්ටයාර් 10 ක් අත්පත් කරගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය අනාවරණය කරයි.

චීනය ඉන්දියාවට පමණක් නොව, නේපාලයට ද මායිම් වෙයි. ඉන්දීය මාධ්‍ය අනාවරණය කර ඇති ආකාරයට චීනය අත්පත් කරගෙන ඇත්තේ චීන නේපාල දේශසීමාව අසල නේපාලයේ උතුරු දෙසින් පිහිටි එකිනෙකට වෙනස් ස්ථාන 10 කි.

චීනය මෙසේ ඉඩම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් නේපාල රජය දැනුවත් බවත්, ඔවුන්ට එහි බරපතලකම අවබෝධ වී නැති බවත් ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.

(එන්.ඩී.ටීවී.)