චීනය දේශීය වශයෙන් නිපදවූ පළමු විශාලතම දේශීය වාණිජ මගී ගුවන් යානය අද (28) පළමු පියසැරිය ආරම්භ කිරීමට නියමිතය.
වසර ගණනක අත්හදා බැලීම්වලින් පසු චීන ඉන්ජිනේරුවන් මෙම මගී ජෙට් යානය නිපදවා ඇති බව පැවැසෙයි. එන්ජින් දෙකක් සහිත මෙම ජෙට් යානයේ ආසන 164 කි.
ගුවන් යානයේ මංගල ගුවන් ගමන ෂැංහයි හොංකියාඕ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට බෙයිජීං අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපල බලා සිදුවනු ඇති බව ද පැවැසෙයි.
මංගල යානා ගුවන් ගමනට එක්වීමට මගීන් තෝරා ගෙන ඇත්තේ ලොතරැයි දිනුම් ඇදීමකිනි.
(රොයිටර්)