චීනය සමඟ යහපත් සබඳතා පවත්වනවා


නවසීලන්තයේ ප්‍රධානතම වෙළෙඳ හවුල්කරු චීනය බවත්, චීනය සමඟ යහපත් සබඳතා දිගටම පවත්වාගෙන යෑමට කටයුතු කරන බවත් නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් අවධාරණය කර තිබේ.

කෙසේ නමුත් චීනය ගන්නා තීන්දු තීරණ නවසීලන්තයේ ජාතික ආරක්ෂාවට අභියෝගයක් වන්නේ නම්, සෘජුව ඊට විරෝධය පෑමට පසුබවට නොවන බව ද නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

චීනය සහ ඇමෙරිකාව අතරේ පවතින අර්බුදයට නවසීලන්තය මැදිහත් නොවන බවත්, චීනයේ මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් ඊට මැදිහත් වී ඊට විරෝධය පළ කිරීමට ද පසුබට නොවන බවත් නවසීලන්ත අග්‍රාමාත්‍ය හිප්කින්ස් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.