මිනිසුන් රහිත අභ්‍යවකාශ යානයක් සඳ වෙත යැවීමට චීනය සැළසුම් කර තිබේ.
චීන ජාතික අභ්‍යවකාශ ඒජන්සිය පවසන්නේ යානය හෙට (24) අලුයම් කාලයේදී දකුණු දිග හයිනාන් පළාතේ වෙන්චැං ප්‍රදේශයෙන් ගුවන් ගතවන බවයි.
චැන්ජි-5 ලෙස නම් කර ඇති මෙම යානය මගින් චන්ද්‍ර පාෂාණ ගෙන ඒමට සැලසුම් කර තිබේ.
1970 දශකයේ සඳවෙත ගමන් කිරීමෙන් පසු පාෂාණ ගෙන ඒම සඳහා යානයක් සඳවෙත යන ප්‍රථම අවස්ථාව මෙය බව මාධ්‍ය වාර්තා කර ඇත.
සඳ මතුපිට සිට මීටර් දෙකක් යටින් ඇති පාෂාණ කිලෝග්‍රෑම් දෙකක් සහ වෙනත් සුන්බුන් රැගෙන ඒම මෙහෙයුමේ ප්‍රධාන කාර්යයයි.
එමගින් අලුතින් ලබාගත් චන්ද්‍ර පාෂාණ අධ්‍යනය කිරීමට විද්‍යාඥයින්ට හැකිවනු ඇතැයි චීන අභ්‍යවකාශ ඒජන්සිය පවසයි.
යානයට සඳ වෙත යෑමට දින තුනක් ගතවේ. එය සඳ මත රැඳී සිටින්නේ කෙටි කාලයකි. එනම් පෘථිවි දින 14 කි.
චීනය මීට වසර දෙකකට පෙර සඳ වෙත යැවූ චැන්ජි-4 යානය මේවනවිටත් සඳෙහි අඳුරු කොටසේ ගවේෂණ කටයුතු සිදුකරමින් සිටියි.
රොයිටර් පුවත් ඇසුරිණි
085