චීනය ’කොවිඩ්’ රහස් වසං කරනවා


'කොවිඩ් 19' වසංගතයේ ආරම්භය පිළිබ‍ඳ චීනය සතුව දත්ත රැසක් ඇති බවත්, ඒවා තවමත් තමන්ට ලැබී නැති බවත්, චීනය හිතාමතා එම දත්ත තමන්ට ලබා දීමෙන් වැලැකී සිටින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

'කොවිඩ් 19' වසංගතය ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. වූහාන් නුවර චීන හමුදාවට අයත් වයිරස පර්යේෂණාගාරයක් ද වෙයි. බටහිර බුද්ධි අංශ චෝදනා කරන්නේ වයිරසයේ ආරම්භය එතැනින් සිදුවුණු බවය.

'කොවිඩ් 19' වසංගතයේ ආරම්භය කෙසේ සිදුවුණේදැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සොයා බලයි. ඔවුන් 'කොවිඩ් 19' වයිරසය ආරම්භයේ දත්ත චීනයෙන් දිගින් දිගටම ඉල්ලයි.

චීනය දත්ත ලබා දීමක් කළ ද ඒවා ප්‍රමාණවත් නොවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය චෝදනා නගා ඇත.

(රොයිටර්)