නැගෙනහිර චීනයේ, 41 හැවිරිදි පුද්ගලයකුට කුරුළු උණ වයිරසයට අයත් නව ප්‍රභේදයක් ආසාදනය වී ඇතැයි හඳුනා ගත් බව චීන ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව අද (1) නිවේදනය කළේය.
එම පුද්ගලයාට ආසාදනය වී ඇත්තේ කුරුළු උණ ඉන්ෆ්ලූවෙන්සා වයිරසයේ H10N3 ප්‍රභේදයයි. H10N3 ආසාදිත තැනැත්තකු ලොව හමුවුණු පළමු අවස්ථාව ලෙස ද මෙය යැයි චීන ජාතික සෞඛ්‍ය කොමිසම සඳහන් කර තිබේ.
ෂෙන්ජියැන්ග් පළාතේ පදිංචිකරුවකු වන මෙම පුද්ගලයා උණ සහ තවත් රෝග ලක්ෂණ කිහිපයක් හේතුවෙන් අප්‍රේල් 28 වැනිදා රෝහල් ගත කර ඇතැයි ද චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කර ඇත.
ඔහුට කුරුළු උණ ඉන්ෆ්ලුවෙන්සා වයිරසයේ H10N3 ප්‍රභේදය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ මැයි 28 වැනිදා බව ද එම කොමිසම වැඩි දුරටත් සඳහන් කර තිබේ.
කුරුළු උණ ලෙස ප්‍රකට H7N9 ප්‍රභේදයයි. 2016 සිට 2017 තෙක් කාලයේ වසංගතයක් වී 300 දෙනකුගේ ජීවිත බිලි ගත්තේ මෙම කුරුළු උණ ප්‍රභේදයයි.
රොයිටර්