චීනයේ හෙනාන් පළාතෙන් පළමු වරට කුරුලු උණ වයිරස ආසාදිතයකු හමුවී තිබේ.
චීන සෞඛ්‍ය අංශ පෙන්වා දෙන ආකාරයට ‘එච්3එන්8’ යනුවෙන් ද හැඳින්වෙන කුරුලු උණ වයිරසය ආසාදිත තැනැත්තා අවුරුදු හතරක දරුවෙකි.
උණ රෝගය උත්සන්න වීමෙන් මෙම දරුවා රෝහල් ගත කර ඇති අතර, එහිදී ඔහුට කුරුලු උණ වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
මෙම දරුවා ගොවිපොලක වාසය කරන බවත්, ගොවිපොලේ කුකුළන්ගෙන් වයිරසය ඔහුට ආසාදනය වන්න ඇති බවත් සෞඛ්‍ය අංශ වැඩි දුරටත් පවසා තිබේ.
(රොයිටර්)