චීනයෙන් පැමිණෙන්නන්ට තහංචි


චීනයේ සිට පැමිණෙන සියලු දෙනා, 'කොවිඩ් 19' පරීක්ෂණවලට යොමු වී, ආසාදිතයන් නොවන බව තහවුරු කළ යුතු යැයි ප්‍රංශයත් එක්සත් රාජධානියත් තීරණය කර ඇත.

ප්‍රංශය සහ එක්සත් රාජධානිය මෙසේ තීරණය කළේ ඇමෙරිකාව, ඉන්දියාව ඇතුළු ලොව රටවල් කීපයක් මේ වනවිටත් චීනය සම්බන්ධයෙන් දැඩි සෞඛ්‍ය සීමා පනවා ඇති බැවිනි.

ප්‍රංශය සහ එක්සත් රාජධානිය පවසා මෙම තීරණය ගෙන ඇත්තේ එරට සෞඛ්‍ය බලධාරීන්ට අනුවය.

චීනය මේ වනවිට දරුණු ලෙස 'කොවිඩ් 19' වයිරසයෙන් බැටකයි. වයිරසයේ උප ප්‍රභේද 4 ක් චීනයේ ව්‍යාප්ත වෙමින් පවතී.

ආසාදිතයන් සහ මරණ සම්බන්ධයෙන් දත්ත මෙන්ම, ව්‍යාප්ත වන උප ප්‍රභේද සම්බන්ධයෙන් සියලු දත්ත ද දිනපතා කඩිනමින් තමන්ට ලැබෙන්න සලස්වන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයෙන් ඉල්ලීමක් කර තිබේ.

(රොයිටර්)