චීනයේ දෛනික ආසාදිතයන් 20,000 ක්


චීනයේ දෛනික ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 20,000 ක් බවත්, ‘කොවිඩ් 19’ වසංගතය ආරම්භ වීමෙන් පසු චීනයෙන් වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයන් ගණන මෙය බවත් එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

‘කොවිඩ් 19’ ආසාදිතයන් හමුවුණු සැණින් චීනය කරන්නේ, එම ආසාදිතයන් හමුවුණු නගර සහ පළාත් මුළුමනින්ම ලොක්ඩවුන් කර, එම නගරවල වෙසෙන ලක්ෂ ගණනක් දෙනා කොරෝනා පරීක්ෂණවලට යොමු කර ආසාදිතයන් හඳුනා ගනිමින්, ඔවුන් වෙන් කර වයිරස ව්‍යාප්තිය පාලනයයි. ආසාදිතයන් වැඩි වැඩියෙන් හමුවන්නේ එහෙයිනි.

මේ වනවිට චීනයේ වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ ෂැංග්හායි ආර්ථික නගරයෙනි. ගතවුණු පැය 24 ඇතුළත චීනයෙන් වාර්තා වුණු ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 20,472 ක් බව ද පැවැසෙයි.

(රොයිටර්)