චීනයේ නගර ගිලා බහිනවා


චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟරාවේ පළ වුණු විශේෂ වාර්තාවක් උපුටා දක්වමිණි.

චීනයේ ප්‍රධාන නගර ගිලා බසිමින් පවතින බව ජගත් භූ විද්‍යාඥයන් අනාවරණය කළේ, චන්ද්‍රිකා දත්ත පාදක කර ගනිමිනි. මෙම ගිලා බැසීමට සමගාමීව මුහුදු මට්ටම ඉහළ යෑමත්, එම හේතුව නිසා චීන වැසියන් මිලියන ගණනක් ජල ගැලීම් අවදානමට ලක්විය හැකි බවත් එම භූ විද්‍යායෝ පෙන්වා දෙති.

‘සයන්ස්’ සඟරාවට අනුව, චීනයේ නාගරික භූමියෙන් 45% ක් වසරකට මිලිමීටර් 3 ට වඩා වේගයෙන් ගිලී ගොස් ඇත. බෙයිජීං අගනුවරබ සහ ටියැංජියැන් යන ප්‍රධාන නගරය ද මෙසේ ගිලී යෑමේ තර්ජනයට ලක් වී ඇතැයි පැවැසෙයි. ගිලා බැසීම හේතුවෙන් චීනයට වාර්ෂික යුවාන් බිලියන 7.5 (ඩොලර් බිලියන 1.04) ක පාඩුවක් සිදුවෙයි.