නගර සහ පළාත් පිටින් ලොක්ඩවුන් කරමින්, ලක්ෂ ගණනක් 'කොවිඩ් 19' පරීක්ෂණ සඳහා යොමු කර ආසාදිතයන් කවුරුන්ද නැද්ද යන්න සෙවීමට කටයුතු කළත්, මේ වනවිට චීනයේ පළාත් සහ නගර රැසකින් 'කොවිඩ් 19' පොකුරු වාර්තා වීමට පටන් ගෙන තිබේ.
ෂෙන්සෙන්, ග්වංග්ෂෝ, හුන්ෆු, හෙයියාන්, මෙයිසෝ, බෙයිස්, නානිං සහ ෂෝයැං යන නගරවලින් මෙසේ ආසාදිතයන් වාර්තා වන බව පැවැසෙයි.
සෞඛ්‍ය අංශ පැහැදිලි කරන ආකාරයට ආසාදිතයන් මෙසේ වැඩි වීමට පටන්ගෙන ඇත්තේ 'ඔමික්‍රෝන්' විකෘතියේ ව්‍යාප්තිය හේතුවෙනි.
(එන්.ඩී.ටීවී.)