චීනයේ මහල් කීපයකින් සමන්විත වෙළෙඳසැලක හටගත් ගින්නකින් 39 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ.
ගින්න හටගත්තේ, චීනයේ ෂිජියැං පළාතේ, ෂින්යු නගරයේය.
ගින්නට හසුවී තුවාල ලැබූ ගණන 9 කි. ගින්න හටගත්තේ ගොඩනැගිල්ලේ බිම් මහලේය. එය වේගයෙන් ඉහළ මහලවලට පැතිර ගොස් තිබේ.
ගින්න නිවා දැමීමටත් ගොඩනැගිල්ලේ ඉහළ මහලවල සිරවුණු පිරිස් මුදා ගැනීමටත් මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.
(බීබීසී)