චීනයේ සාම සැලැස්ම අවතක්සේරු කන්න එපා


රුසියන් යුක්රේන අර්බුදය සමතයකට පත් කිරීමේ අරමුණින්, චීනය මැදිහත් වී, සකස් කළ සාම වැඩපිළිවෙළ අවතක්සේරු නොකරන්නැයි රුසියාව යුක්රේන රජයට දන්වා ඇත.

රුසියාව මෙසේ පැවැසුවේ, එම සාම වැඩපිළිවෙළ සම්බන්ධයෙන්, චීන ජනාධිපති ෂී ජින්පින් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී අතරේ පළමු දුරකතන කතාබහ සිදුවීමෙන් අනතුරුවය.

චීන රජය මෙම නව සාම සැලැස්ම සකස් කළේ, මීට මාස කීපයකට පෙරය. රුසියාව එම සාම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කැමැත්ත පළ කර ඇති නමුත්, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල සහාය ලබන යුක්රේනය එය නොසලකා හැර තිබුණි.

කෙසේ නමුත් චීන ජනාපධිතිවරයාගේ ඇමතුම ලබා ගනිමින් ඔහු සමඟ සාම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට යුක්රේන ජනාපධිති සෙලෙන්ස්කී කටයුතු කිරීම ඇමෙරිකාවේ පවා පැහැසුමට හේතුවක් වී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

(රොයිටර්)