චීනයේ සිට යුක්රේනයට පැමිණි යුක්රේන හා විදේශීය ජාතිකයින් පිරිසක් නිරෝධායන කටයුතු සඳහා රැගෙන ගිය බස් රථ පෙළකට විරෝධතාකරුවන් පහරදී ඇතැයි වාර්තා වේ.
යුක්රේනයේ මධ්‍යම පෝල්ටාවා කළාපයේ නොවි ෂැන්සාරි හි සෞඛ්‍ය කඳවුර වෙත ගිය බස් රථ පෙළකට මෙලෙස පහරදී ඇත.
මෙම පිරිසේ යුක්රේන ජාතිකයින් 45ක් සහ විදේශිකයින් 27 දෙනකු සිටි බවත් යුක්රේනයේ නැගෙනහිර කාර්කිව් ගුවන්තොටුපලේ සිට බස් රථ හයකින් නොවි ෂැන්සාරි වෙත ගමන් කළ බවත් සඳහන් වේ.
යුක්රේනයේ සිට පැමිණෙන්නන්ට එරෙහිව බොහෝ පිරිස් විරෝධතා දැක්වූහ. පොලිසිය මැදිහත් වී විරෝධතාකරුවන් මාර්ග වලින් ඉවත් කර බස් රථවලට ගමන් කිරීමට ඉඩ ලබාදුන්නේය.
චීනයේ සිට පැමිණි කණ්ඩායමේ කිහිපදෙනකුට වෛරසය වැළඳී ඇතැයි ලැබුණු ව්‍යාජ ඊ මේල් පණිවුඩයක් හේතුවෙන් යුක්රේන වැසියන් කලබලයට පත්වී ඇතැයි බලධාරීහු පවසති.
චීනයේ ආරක්ෂක අංශ සිද්ධිය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇත.
(බීබීසී ඇසුරිණි - 085)