ජනතා අප්‍රසාදය සහ විරෝධය සැලකිල්ලට ගනිමින්, 'කොවිඩ් 19' මර්දනයට පනවා තිබූ දැඩි සෞඛ්‍ය නීති සහ සීමා ලිහිල් කිරීමට චීන රජයට සිදුවිය.
පසුගිය දිනවල චීනයේ ප්‍රධාන නගර රැසක විරෝධතා පැවැත්විණි. ඒ, දලදඩු සෞඛ්‍ය සීමා හේතුවෙන් චීන ජනාධිපති ෂී ජින්පින් ඇතුළු රජයට එරෙහිවය.
දශක ගණනකට පසු චීන කොමියුනිස්ට් පක්ෂ රජයට සහ ජනාධිපතිවරයකුට විරෝධතා එල්ල වුණු පළමු අවස්ථාව ලෙස මෙය සැලැකිණි.
සීමා ලිහිල් කිරීමෙන් පසු ලොක්ඩවුන් තහංචි ඉවත් කිරීමට ද චීන රජය පියවර ගෙන ඇත.
(රොයිටර්)