ඉන්දීය සාගරයේ පිහිටි චේගෝස් දූපතවල අයිතිය, මුරුසි දූපත්වලට පැවැරීමට එක්සත් රාජධානිය තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් මුරුසි දූපත් ද සිය කැමැත්ත පළ කර ඇති අතර ඊට අදාල ගිවිසුම්වලට දෙරට අත්සන් කළ බව ද පැවැසෙයි.
චේගෝස් දූපත් බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වන අතර, මෑත කාලයේ බ්‍රිතාන්‍යයට පැමිණි නීති විරෝධී සංක්‍රමණිකයන් රැඳවීමට ද චේගෝස් දූපත් භාවිත කෙරුණි.
ජාත්‍යන්තරයේ වඩාත් කතාබහට ලක් වන දූපත ලෙස සැලකනේනේ ඩියේගෝ ගාර්සියා දූපත ද චේගෝස් දූපතවලට අයත් වෙයි. සාගර මෙහෙයුම් සඳහා ඇමෙරිකන් සහ බ්‍රිතාන්‍ය ඒකාබද්ධ හමුදා කඳවුරක් ඇත්තේ ද ඩියේගෝ ගාර්සියා දූපතේය.
(ඒ.එෆ්.පී.)