චෝදනාවලින් ට්‍රම්ප් නිදොස්


2021 වසරේ ජනපතිවරණයෙන් පැරැදී, ධුරය අහිමි වී, ධවල මන්දිරයෙන් පිටව යද්දී, රහස් ලියකියවිලි රැගෙන ගොස්, ළඟ තබා ගත් බවට එල්ල වී තිබූ අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඇමෙරිකන් හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නිවැරදිකරු යැයි අධිකරණය තීන්දු කළේය.

ට්‍රම්ප්ට එරෙහි අධිචෝදනා විභාග කෙරුණේ, මියාමි ෆෙඩරල් අධිකරණය හමුවේය. තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අධිකරණ භූමියෙන් පිටවී ගිය හිටපු ජනාධිපති ට්‍රම්ප් සිය ආධාරකරුවන් ඇමතුවේය.

එම අවස්ථාවේදී ද එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ට්‍රම්ප් කියා සිටියේ, තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීමට ප්‍රතිවාදීන් කුමන්ත්‍රණ මෙහෙයවන බවය.

2024 වසරේ දී ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත අතර, තවත් ධුර කාලයක් ඉතිරි බැවින් ට්‍රම්ප් ද රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ඊට ඉදිරිපත් වීමට සූදානමින් සිටී.