ජගත් මහ ලේකම් ඊශ්‍රායලයට දොස් කියයි


ඊශ්‍රායල හමුදාව දිගින් දිගටම, ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන්, ගාසා තීරයේ පලස්තීන වැසියන් පීඩාවට පත් වීම කිසිසේත් අනුමත කර නොහැකි බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට පවසා තිබේ.

ඊශ්‍රායලය ගාසා තීරයට පහර දෙන්නේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, ඔවුන් ගාසා තීරයෙන් මුලිනුපුටා දැමීමේ අරමුණින්ය. ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර හේතුවෙන් මියගිය පලස්තීනුවන් ගණන 25,490 කි. ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ පලස්තීන වැසියන් ගණන 63,000 කි.