රුසියාවේ මොස්කව් අගනුවරට ගිය එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුවක් පැවැත්විණි.
එහිදී යුද ගැටුම් හේතුවෙන් කොටුවී සිටින යුක්රේන සිවිල් වැසියන්ට ආරක්ෂිතව නගරවලින් ඉවත් වීමට ඉඩ ලබා දෙන බව ජගත් මහ ලේකම්වරයාට රුසියන් ජනාධිපති පොරොන්දුවක් ලබා දුන්නේය.
සිවිල් වැසියන් ආරක්ෂිතව ඉවත් කිරීම සම්බන්ධයෙන් මැදිහත් වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කැමැත්ත පළ කරන බව ජගත් මහ ලේකම්වරයා රුසියන් ජනාධිපති පුටින්ට පැවැසූ අවස්ථාවේදී තමන් ඊට විරෝධයක් නොදක්වන බව ද පුටින් පෙරළා පැවැසුවේය.
මේ වනවිට රුසියාවේ මරියුපෝල් නගරයේ දරුණු ගැටුම් ඇවිලෙමින් පවතී. රුසියන් හමුදා මරියුපෝල් නලරය මුළුමනින්ම වට කර ප්‍රහාර එල්ල කරමින් සිටී. නගරයේ කොටුවුණු සිවිල් වැසියන්ට ආරක්ෂිතව නගරයෙන් පිටවීමට ඉඩ දෙන්නැයි ජගත් මහ ලේකම්වරයා කළ ඉල්ලීමට පුටින්ගෙන් යහපත් ප්‍රතිචාර හිමිවිය.
(ඒ.එෆ්.පී.)