තමන්ට අවශ්‍ය ජනතා හිතවාදී ආර්ථිකයක් ඇති කිරීමට යැයි ඕස්ටේ්‍රලියා නව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඕස්ටේ්‍රලියාවේ ඒ.බී.සී. පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
‘කොවිඩ් 19’ වසංගතයට මුහුණ දුන් ඕස්ටේ්‍රලියාව ආර්ථික වශයෙන් අර්බුද රැසකින් පීඩා විඳී. උද්ධමනය සියයට 3.7 කින් ඉහළ ගොස් තිබේ. ඇල්බනීස් ප්‍රමුඛ ඔහුගේ පක්ෂය පසුගිය 21 වැනිදා පැවැති මහ මැතිවරණය ජයග්‍රහණය කළේ ජනතා සහන ලබා දීමට නව වැඩපිළිවෙළක් සකස් කරන බව පෙන්වා දෙමිනි.
නව අග්‍රාමාත්‍යවරයා ඒ.බී.සී. පුවත් නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවට එක් වූයේ විදෙස් සංචාරය අවසන් කර යළි ඕස්ටේ්‍රලියාවට පැමිණ රටේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කරමිනි.
පසුගිය සති අන්තයේ ‘ක්වඩ්’ හෙවත් ‘හතර දෙනාගේ සමුළුව’ ජපානයේ ටෝකියෝ අගනුවරදී පැවැත්විණි. ‘ක්වඩ්’ සාමාජික රටවල් වන්නේ ඇමෙරිකාව, ජපානය, ඉන්දියාව සහ ඕස්ටේ්‍රලියාවය.
ඇන්තනි ඇල්බනීස්, අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ ඕස්ටේ්‍රලියාවේ විපක්ෂය වූ කම්කරු පක්ෂයට පසුගිය සති අන්තයේ පැවැති මහ මැතිවරණයෙන් ජය හිමිවීමත් සමඟය.
මැතිවරණයෙන් ජය ලබා අග්‍රාමාත්‍ය ධුරය බාර ගත් සැණින්, පසුගිය 23 වැනිදා ඇන්තනි ඇල්බනීස්, ටෝකියෝ සමුළුවට සහභාගී වීමට පිටත්ව ගියේය. නව අග්‍රාමාත්‍යවරයා රටේ අභ්‍යන්තර අර්බුද සම්බන්ධයෙන් අවධානය යොමු කළේ ජපාන සංචාරය අවසන් කර ආපසු පැමිණීමෙන් පසුවය.
(රොයිටර්)