ජනතාවගේ දුක් ගැනවිලි විමසීමට අංකයක්


ඉන්දීය පාලනය යටතේ තිබෙන ජම්මු සහ කාශ්මීරයේ වෙසෙන ජනතාවගේ දුක් ගැනවිලි විමසීම සඳහා ප්‍රාන්තයේ සාමාන්‍ය පරිපාලන දෙපාර්තමේන්තුවේ පොදු දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.

ප්‍රාන්ත ආණ්ඩුවේ මූලිකත්වයෙන් මෙම පොදු දුරකතන අංකය හඳුන්වා දී තිබෙන අතර වැඩ කරන දිනවල උදෑසන 10 සිට පස්වරු 5 දක්වා මෙම දුරකතන අංකය ක්‍රියාත්මක වේ.

සියලු පරිපාලන සේවා සම්බන්ධ තොරතුරු විමසීම, මහජන දුක් ගැනවලිනි, ප්‍රාන්ත ආණ්ඩුවෙන් සහ පරිපාලන ආයතනවලින් ලබාදෙන තොරතුරු ලබාගැනීම සඳහා ද මෙම දුරකතන අංකය භාවිත කළ හැකි ය.

ඉන්දීය පාලනය යටතේ තිබෙන ජම්මු සහ කාශ්මීර ප්‍රාන්ත ආණ්ඩුව ප්‍රධාන දුරකතන අංකයට අමතරව ජනතාවගේ පහසුව සඳහා තවත් අංක කිහිපයක් ද හඳුන්වා දී තිබේ.

ඒ.එන්.අයි.