ජනපති ජෝ බයිඩන් වෛද්‍ය පරීක්ෂණය සමත්


ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, වෛද්‍ය පරීක්ෂණයට යොමු කළ බවත් එයින් ඔහු එය සමත් වූ බවත්, 2024 වසරේ පැවැත්වීමට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බයිඩන්ට සෞඛ්‍යමය ගැටලු කිසිවක් නොමැති බවත් ධවල මන්දිරය පවසා තිබේ.

80 හැවිරිදි ජෝ බයිඩන් ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත් වයස්ගතම පුද්ගලයාය. 2024 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වෙනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් බයිඩන් තවමත් නිල වශයෙන් පවසා නැතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ.

(ඒ.එෆ්.පී.)