පෙබරවාරියේ සිට චීනයට සියයට 10 ක තීරුබදු පැනැවීමට තමන් බලාපොරොත්තු වන බව ඇමරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස එම ධුරයේ දිවුරුම් දුන් ජොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
චීනයේ නිෂ්පාදිත භාණ්ඩ ආයනයන සඳහා සියයට10 ක තීරුබදු පැනැවීමට තමන් සූදානම් බවට ට්‍රම්ප් පැවැසුවේ, චීනයට චෝදනාවක් ද කරමිණි. ඒ, චීනය, මෙක්සිකෝව සහ කැනඩාව හරහා ඇමෙරිකාවට මත්ද්‍රව්‍ය යැවීමට කටයුතු කරන බවටය.
මෙක්සිකෝව සහ කැනඩාව යනු ඇමෙරිකාවේ අසල්වැසියන්ය. කැනඩාවට තීරු බදු පැනැවීමට ද ට්‍රම්ප් සූදානමින් සිටින බව පැවැසෙයි.
ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු ට්‍රම්ප් ආන්දෝලනාත්මක විධායක නියෝග රැසකට අත්සන් තැබීමට ද කටයුතු කළේය.
(ඒ.එෆ්.පී)