බ්‍රසීලයේ නව ජනාධිපති ලූලා ද සිල්වා, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් හමුවීමට සූදානම් වෙයි. බ්‍රසීල ජනාධිපතිවරයා ලබන පෙබරවාරි 9 හ 10 දෙදින ඇමෙරිකාවේ සංචාරයක නියැලෙනු ඇති බවත්. ඔහු ධවල මන්දිරයේ දී ජෝ බයිඩන් හමුවනු ඇති බවත් වාර්තා වේ.
වාමාංශික ජනාධිපතිවරයකු වන ලූලා ද සිල්වා බ්‍රසීල ජනාධිපති ලෙස තෙවැනි වරට දිවුරුම් දී රාජකාරි ආරම්භ කළේ ජනවාරි පළමු වැනිදාය. ඔහු ලබන පෙබරවාරි 9 සහ 10 දෙදින නිල සංචාරයකට ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට යනු ඇත. නව ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පසු ලූලා ද සිල්වා. සහභාගී වන පළමු විදෙස් සංචාරය මෙයයි.
ලූලා ද සිල්වා ප්‍රමුඛ රජයට ඇමෙරිකාවේ සහාය නොඅඩුව ලබා දෙන බව ඇමෙරිකන් ජනාධිපති බයිඩන් පවසා තිබේ.
(රොයිටර්)