ජන්ම දිනය නිමිත්තෙන් ‘යශෝභූමි’ විවෘත කෙරේ


ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් සිය 73 වැනි ජන්ම දිනය නිමිත්තෙන් නවදිල්ලි අගනුවර නව සම්මේලන මධ්‍යස්ථානයක් විවෘත කෙරුණි.

යශෝභූමි Yashobhoomi යනුවෙන් නම් හැඳින්වෙන ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේ පළමු අදියර සඳහා ඉන්දීය රුපියල් කෝලු 5,4000ක මුදලක් වැය වී තිබේ.

අති නවීන උපාංගවලින් සමන්විත මෙම සම්මේලන මධ්‍යස්ථාන මධ්‍යස්ථානය වර්ග මීටර් 73,000 කට වඩා විශාල වපසරියක ඉදි කර තිබේ.

මෙම මධ්‍යස්ථානය සම්මේලන කාමර 15 කින් සමන්විත වන අතර,  ප්‍රධාන ශ්‍රවණාගාරයක්, උත්සව ශාලාවක් සහ නියෝජිතයින් 11,000 කට ප්‍රමාණවත් රැස්වීම් කාමර 13 ක් ඊට අයත් වෙයි.

මේ අතර මෝදිගේ 73 වැනි ජන්ම දිනය වෙනුවෙන් බොලිවුඩ් නළි නිළියන් වන ෂාරුක් ඛාන්, සල්මාන් ඛාන්, ආක්ෂේ කුමාර් ද ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ සුබ පැතුම් එක් කර තිබේ.