ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා සෞඛ්‍ය හේතූන් මත සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට සැලසුම්කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
ඔහු වසර ගණනාවක් තිස්සේ බඩවැල්වල (අන්ත්‍රවල) රෝගී තත්ත්වයකින් පීඩා විඳි අතර මෑතකදී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරී තිබිණ.
අබේ මහතා 2012 වසරේදී බලයට පත්වූ අතර ජපානයේ දීර්ඝ කාලයක් අඛණ්ඩව සේවය කළ අගමැතිවරයා වේ.
ඔහු 2021 වසරේ සැප්තැම්බර් දක්වා සේවය කිරීමට නියමිතව තිබිණි. ඒ මහතා මේ වනවිට 65 හැවිරිදි වියේ පසුවෙයි.
2007 වසරේදී ද අගමැති ධූරයෙන් හදිසියේ ඉල්ලා අස්වූයේ කුඩා කළ සිට පීඩා විඳි මෙම රෝගී තත්ත්වය හේතුවෙනි.
දැනට හදිසි මැතිවරණයක් නොපැවැත්වෙනු ඇති බවත් වැඩ බලන අගමැතිවරයෙකු යටතේ ඉදිරි කටයුතු සිදුවනු ඇති බවත් මාධ්‍ය වාර්තා කර තිබේ.
(බීබීසී ඇසුරිණි - 085)