ජපන් අගමැති කිෂිඩා ඇමෙරිකාවේ සංචාරයක


ඇමෙරිකන් සංචාරයක් ආරම්භ කළ ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා සහ බිරිඳ යූකෝ ධවල මන්දිරයට පැමිණියහ. ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ බිරිඳ ජිල්ගෙන් ජපන් අග්‍රාමාත්‍යවරයාටත් බිරිඳටත් හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

චීනයෙන් සහ උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජන හමුවේ කලාපීය ආරක්ෂාව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ඇමෙරිකාවත්, ජපානයත් අතරේ ශක්තිමත් සබඳතා පවතී. එම සබඳතා තවත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්විණි.

(ඒ.එෆ්.පී.)