ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත්‍ය කිෂිඩාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.
ද්වි පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සහ චීනයෙන්, උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජනවලට මුහුණ දීම ආදිය සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන් දෙදෙනාගේ සාකච්ඡාවට බඳුන් විය.
ෆුමියෝ කිෂිඩා, ජපාන අග්‍රාමාත්‍යවරයා ලෙස දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණි අවසන් අවස්ථාව වනු ඇත්තේ මෙයයි.
කිෂිඩා නියෝජනය කරන්නේ ජපානයේ පාලක පක්ෂය වන ලිබරල් පක්ෂයයි. ලිබරල් පක්ෂෙයේ නායකයා වන්නේ ද ෆුමියෝ කිෂිඩා ය. ලබන 27 වැනිදා ලිබරල් පක්ෂයේ නායකත්වය වෙනුවෙන් පක්ෂ අභ්‍යන්තරයේ ඡන්දයක් පැවැත්වෙයි. තමන් ඊට ඉදිරිපත් නොවන බව ෆුමියෝ කිෂිඩා අවධාරණය කර ඇත.
(එන්.ඩී.ටීවී.)