ජපන් ජාතික ගුවන් සේවයට සයිබර් ප්‍රහාරයක් එල්ල විය. සයිබර් ප්‍රහාරය හේතුවෙන් ගුවන් ගමන් බොහොමයක් ප්‍රමාද වූ අතර ගුවන් බලධාරීන් ඒ සම්බන්ධයෙන් මගීන්ගෙන් සමාව ඉල්ලීමක් ද කළ බව වාර්තා වේ.
සයිබර් ප්‍රහාරය එල්ල වී පද්ධති බිඳ වැටීමක් සිදුවූයේ ජපානයේ වේලාවෙන් උදෑසන 7.30 ට පමණය. ඉන්පසු සන්නිවේදන පද්ධතිවල ගැටලු හටගත්තේය.
පද්ධති සියල්ල යළි යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කළ බව ජපන් බලධාරීහු වැඩි දුරටත් කියා සිටියහ.