ජපන් ගොඩනැගිල්ලක ගින්නක්: 27 ක් මරුට


ජපානයේ ඔසාකා නුවර මානසික සෞඛ්‍ය සායනයක් පිහිටි මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් 27 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ.

මානසික සායනය පිහිටා ඇත්තේ ගොඩනැගිල්ලේ සිවුවැනි මහලේය. ගින්න පාලනය කිරීමටත්, නිවා දැමීමටත් ගිනි නිවන භටයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බව වාර්තා වේ.

ගින්න හටගෙන ඇත්තේ උදෑසන 10.18 ටය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. විදුලි කාන්දුවක් නිසා ගින්න හටගන්න ඇතැයි පැවැසෙයි.

(රොයිටර්)