රුසියානු අභ්‍යවකාශ ආයතනය සමග එක් වී, අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා ගිය ජපන් බිලියනපති 46 හැවිරිදි යුසාකු සහ ඔහුගේ සහායක යොසෝ හිරානෝ දින 12 කට පසු යළි පෘථිවියට පැමිණියහ.
මොවුන් දෙදෙනා අභ්‍යවකාශයට ගියේත් ආපසු පැමිණියේත් ‘සොයූස්‘ කැප්සියුලයක ආධාරයෙනි.
මොවුන් දෙදෙනා ‘සොයූස්‘ කැප්සියුලයෙන් අභ්‍යවකාශ නැවැතුම්පොළට රැගෙන ගියේත් පසුව පෘථිවියට පැමිණීමට සහාය ලබා දුන්නේ රුසියන් ගගනගාමී ඇලෙක්සැන්ඩර් මිසුර්කින් මැදිහත් වෙමිනි.
මෙය රුසියානු අභ්‍යවකාශ ආයතනයේ මෙහෙයවීම යටතේ සිදු කළ පළමු පෞද්ගලික ගගන සංචාරයයි.
ඉදිරියේ දී ඇමෙරිකානු පෞද්ගලික ගගන සමාගම්වලට නොදෙවෙනි අයුරින් තමන් ද පෞද්ගලික ගගන සංචාර ආරම්භ කරන බව ද රුසියානු අභ්‍යවකාශ ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(රොයිටර්)