ජපන් යෙන් අවප්‍රමාණය වෙයි


වසර 20 කට පසු, ජපානයේ යෙන් මුදල් ඒකකය අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සැලකිය යුතු ප්‍රමාණයකින් අවප්‍රමාණය වී තිබේ.

ජපානය තුළ අමෙරිකානු ඩොලරයක මිල යෙන් 135.19 දක්වා ඉහළ ගොස් ඇත‍. 2002 දී ද මෙසේ ඩොලරයක මිල ජපන් යෙන් 135.20 දක්වා ඉහළ ගොස් තිබුණු බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මේ අතර, ජපානයේ නික්කි කොටස් මිල දර්ශකයේ අගයත් දෙසතියකට පසු අවම අගය වාර්තා කර තිබේ. ගෙවුණු සති අන්තයේ එහි අගය දැක්වුණේ 2.8%ක් ලෙසය.

ජපන් යෙන් යනු ගෝලීය වෙළඳාම් කටයුතු සඳහා භාවිත කෙරෙන මුදල් ඒකක ලැයිස්තුවේ තුන්වැනි තැන හිමිකරගෙන සිටින මුදල් ඒකකයි. යෙන් අවප්‍රමාණය වීමට මූලික වශයෙන් හේතුවන්නේ පොලී අනුපාත පුළුල් ලෙස වෙනස්වීම හේතුවෙන් බව විදෙස් මාධ්‍ය පවසයි.

(ඒ.එෆ්.පී.)